BOKKUWA
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Can you read this ???

Go down

Can you read this ??? Empty Can you read this ???

Post  Admin Fri Nov 16, 2007 5:04 pm

-
එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලෝකය පුරා ආධාර මුදල් එකතු කරමින් සිටින දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ (ටී.ආර්.ඕ.) බැංකු ගිණුම් ඊයේ (15) සිට අමෙරිකාව විසින් තහනම් කරන ලදී.

මෙම සංවිධානය විසින් උතුරු - නැඟෙනහිර සංවර්ධනයට යැයි කියමින් විශාල වශයෙන් ආධාර මුදල් එකතු කරමින් සිට ඇත. අමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාරය විසින් මෙම සංවිධානයේ බැංකු ගිණුම් අත්හිටුවා ඇත්තේ ඔවුන් එකතු කරනු ලබන ආධාර මුදල් සෘජුවම එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලබාදෙන බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුවය. මෙය රාජ්‍යයක් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පෙරමුණු සංවිධානයක මුදල් අත්හිටවූ ප‍්‍රථම අවස්ථාව වේ.

දැනට අවුරුදු 10 පෙර අමෙරිකාව එල්.ටී.ටී.ඊ. සංවිධානයද තහනම් කළේය.

ශ‍්‍රී ලංකා රජය මෑත කාලයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීමෙන් පසු එහි කටයුතු දිගින් දිගටම කරගෙන ගිය මෙවැනි පෙරමුණු සංවිධානවලට විරුද්ධව කි‍්‍රයාකරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් කර තිබේ. විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පසුගිය ඔක්තෝබර් මාසයේ රාජ්‍ය තාන්ති‍්‍රක චාරිකාවකට අමෙරිකාවට ගිය අවස්ථාවේ එරටින් මෙම ඉල්ලීම කළේය.

ටී. ආර්. ඕ. සංවිධානයේ බැංකු ගිණුම් අත්හිටුවීම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සෘජු ලෙස බලපාන සිද්ධියක් බවත් අනෙකුත් රටවල් ද අමෙරිකාවේ මෙම කි‍්‍රයාව පූර්වාදර්ශයක් ලෙස ගෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පෙරමුණු සංවිධානයක් වූ මෙම සංවිධානයේ බැංකු ගිණුම් අත්හිටුවීමට කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.
Admin
Admin
Admin

Posts : 159
Join date : 2007-09-17

https://bokkuwa.forumotion.com

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum